Monday, April 19, 2010

සිහිනය


ඔබ දැකුමත් සිහිනයකි මට
නෙතු පියන් යට
සිසිල තවරන
සිහින අපමන රැගෙන ඇවිදින්
මගේ නෙතු අද සතුටුකල මැන

නෙත් අගින් හොරැහින් බලා
ලගටවී යන්තම් හිනැහී
ආදරේ ඉගි බිගි කරන විට
තුරුළුවී සුරතල් වෙලා
මොන තරම් සුන්දරද සිහිනය

රැයම ඉන්නම් නෙතු පියා
ආදරේ කවි පද කියන විට
ජීවිතේ ළතැවුල් නිවා
මොන තරම් සුන්දරද සිහිනය