Monday, April 19, 2010

සිහිනය


ඔබ දැකුමත් සිහිනයකි මට
නෙතු පියන් යට
සිසිල තවරන
සිහින අපමන රැගෙන ඇවිදින්
මගේ නෙතු අද සතුටුකල මැන

නෙත් අගින් හොරැහින් බලා
ලගටවී යන්තම් හිනැහී
ආදරේ ඉගි බිගි කරන විට
තුරුළුවී සුරතල් වෙලා
මොන තරම් සුන්දරද සිහිනය

රැයම ඉන්නම් නෙතු පියා
ආදරේ කවි පද කියන විට
ජීවිතේ ළතැවුල් නිවා
මොන තරම් සුන්දරද සිහිනය

Sunday, March 7, 2010

පෙම්වතිය සහ චංචල සිත



හද පතුළ
නිහඩවම
හිද . . . . . .


නොසිතුව

නොපතුව
මොහොතක
සිත චංචල කර,
ගොඩනැගු ලොව
බිද දමන දගකාර
පෙම්වතිය




ජීවිතය


ගැටළුවකි. . . . . .


පිළිතුරක්


ගැටළුවක්. . . . . .


මෙයද මේ


ජීවිතය. . . . . .?

මුල්ම බ්ලොග් සටහන

මම මේ බ්ලොග් එක පටන්ගත්තේ 2009 නොවැම්බර් මාසයේ. ඒත් එකම එක බ්ලොග් සතහනක් වත් ලියන්න බැරි උනා. ඒකට හේතු දෙකක් තිබුනා එකක් කාර්යබහුල කම
අනික බ්ලොග් සටහනක් ලියන්න තරම් නිරවුල් මනසක් නොතිබීම
දැන් මම පටන් ගත්තා මගේ බ්ලොග් සටහන ලියන්න.....................